වෙළදාම හා උපකාර සේවා
මිනිස්
අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වේ.
ව්‍යාපාරක් සිදුකරන
කටයුතු අතර වෙළදාම වැදගත් වේ. වෙළදාම පහසුකිරීම හා කාර්යක්ෂමව කිරීමට උපකාර සේවා අවශ්‍ය වේ. එබැවින් වෙළදාම හා උපකාර සේවා
අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්
ඇත.
වෙළදාම -
භාණ්ඩ හා
සේවා මිලට ගැනීම හා විකිණීම වෙළදාමයි.එහිදී භාණ්ඩ හා සේවා හිමිකම යම් මූල්‍ය වටිනාකමක් මත පදනම්ව එක් පාර්ශවයකින් තවත්
පාර්ශවයකට හිමිකම මාරුවීමයි

සිල්ලර වෙළදාම
අවසාන පාරිභෝජනය සදහා භාණ්ඩ හා සේවා
විකිණීම සිල්ලර වෙළදාමයි.
සිල්ලර වෙළදාමෙ
ලක්ෂණ
1.
අවසාන
පාරිභෝජනය සදහා විකිණීම
2.
පාරිභෝගියාට
අවශ්‍ය භාණ්ඩ හා සේවා අවශ්‍ය වේලාවට සැපයීම.
3.
පාරිභෝගියාට
සමීප වීම
4.
භාණ්ඩ
වර්ග රාශියක් ඉදිරිපත් කිරීම
සිල්ලර වෙළදාම අපට අවශ්‍ය වන්නේ ඇයි
1.
පාරිභෝගියාට
තම දෛනි අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම
2.
අලෙවියට
තබා ඇති නව භාණ්ඩ හදුන්වාදීම.
3.
ඇතැම්
විට ණය සැපයීම
4.
නිෂ්පාදිත
පිළිබද පාරිභෝගික ප්‍රතිචාර නිෂ්පාදකයා දැනුවත් කිරීම
සිල්ලර වෙළද ව්‍යාපාර වර්ග
1.
ස්ථාවර
මහා පරිමාන සිල්ලර වෙළද සැල් උදා - සුපිරි වෙළද සැල්
2.
ස්ථාවර
සුළුපරිමාන වෙළද සැල් උදා - සාප්පු , ග්‍රොසරි ,පාමසි , සිල්ලර කඩ
3.
සංචාර
සුළුපරිමාන වෙළද සැල් උදා - ජංගම රථ,
ලොතරැයි බසිසිකල්
තොග වෙළදාම
1.
නැවත
විකිණීමේ අරමුණින් භාණ්ඩ මිලට ගැනීම
2.
බොහෝ
විට විශාල ප්‍රමාණයක් එකවර මිලට ගැණීම
3.
භාණ්ඩ
වර්ග කිහිපයක් පමණක් අලෙවි කිරීම.
4.
සාපේක්ෂව
එකක විකුණුම් මිල අඩු වීම
5.
බහුලව
වෙළද වට්ටම් ලබාදීම
සිල්ලර වෙළදාමේ හා තොග වෙළදාමේ වෙනස්ම්
සිල්ලර වෙළදාම
|
තොග වෙළදාම
|
1.අරමුණ අවසාන
පාරිභෝජනයට
භාණ්ඩ විකිණීමයි
2.විවිධ භාණ්ඩ වර්ග
විකුණයි
3.තොග වෙළෙන්දාගෙන්
මිලට ගන්නා නිසා අමතර වියදමක් දරන
නිසා සාපේක්ෂව මිල වැඩිය.
4.සිල්ලර වෙළෙන්දා පාරිභෝගියා සමග සෘජු සම්බන්ධතා ඇති නිසා ඔවුන්ගේඅවශ්‍යතා හා වුවමනා හදුනා ගනී |
1.අරමුණ වන්නේ නැවත
විකිණීම
සදහා වෙළෙන්දන්ට විකිණීමයි
2. භාණ්ඩ වර්ග එකක් හෝ කිහිපයක්
පමණක් විකුණයි
3. විශාල ප්‍රමාණයක්
ගන්නා නිසාත්
වට්ටම් ලැබෙන නිසාත් සාපේක්ෂව මිල අඩුය
4. සෘජුවම පාරිභෝගියා සමග ගණුදෙනු
නොකරන නිසා සිල්ලර
වෙළෙන්දාගෙන් පාරිභෝගියාගේ තොරුරු ලබාගනී.
|
විදේශීය වෙළදාම
විදේශීය වෙළදාම කොටස් දෙකකි
1.
අපනයන
වෙළදාම - මෙරටින් විදේශයන්ට භාණ්ඩ විකිණීමයි.
උදා- තේ , ඇඟලුම්
2. ආනයන වෙළදාම - මෙරටට විදේශයන්ගෙන් භාණ්ඩ මිලට ගැණීමයි
උදා - මෝටර් රථ
උපකාරක සේවා
ව්‍යාපාරයක්
සාර්ථකව පවත්වාගෙන යාම සදහා විවිධ සේවාවන් අවශ්‍ය වේ. එසේ සහයවන සේවා උපකාරක සේවා
නම් වේ.
උදා- බැංකු සේවා
රක්ෂණ
සේවා
සන්නිවේදන සේවා
ප්‍රවාහන
සේවා
බැංකු සේවා - බැංකු වර්ග බොහෝ දැකියහැකි අතර වාණිජ බැංකු ගැන පමනක්
අවධානය යොමු කෙරේ .
වාණිජ බැංකු ඉතිරිකිරීමේ
හා ස්ථාවර ගිණුම් මෙන්ම ජංගම ගිණුම්ද පවත්වාගෙනයමින්
ව්‍යාපාරියින්ට අවශ්‍ය විවිධ බැංකු සේවා සපයන වාණිජ
බැංකු නමින් හදුන්වයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රයක් මත කටයුතු කරන නිසා මේවා
බලපත්‍රලාභී බැංකු ලෙස හදුන්වයි. මෙවායින් සපයන ප්‍රධාන සේවා දෙකක් ගැන පමණක්
සැලිල්ලට ගනුලැබේ.
1. තැන්පතු ආශ්‍රිත සේවා
2. විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා
තැන්පතු ආශ්‍රිත සේවා අතිරික්ත මුදල්
තැන්පත් කිරීම මෙන්ම ගණුදෙනු කිරීම පහසු කිරීමට විවිධ තැන්පතු වර්ග පවත්වාගෙන යයි.
එම තැන්පතු නම්
1.
ඉතිරීකිරීමේ
ගිණුම්
2.
ස්ථාවර
තැන්පත්ගිණුම්
3.
ජංගම
ගිණුම්
ඉතිරීකිරීමේ ගිණුම් - ඕනෑම අයෙකුට කැමති විටක මුදල් තැන්පත් කිිරීමට ත් එම
මුදල් ආපසු ගැනීමටත් හැකි ගිණුම් වර්ගයකි. මේවාට පොලියක් ගෙවන අතර සාපේක්ෂව පොලිය
අඩුය.
අද වනවිට මෙම ගීණුම් වර්ග විවිධ නම් යටතේ පවත්වාගෙන යයි
උදා- ළමා ඉතිරීකිරීමේ ගිණුම්
, කාන්තා ගිණුම්
ඉතිරීකිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීමේ වාසි
1.
කැමති
විටක මුදල් තැන්පත් කිරීමට හා ආපසු ගැනීමට හැකිවීම
2.
හරපත්
මගින් ගෙවීමට හැකිවීම
3.
මුදල්වලට
ආරක්ෂාව ලැබීම
4.
පොලී
ආදායමක් ලැබීම
5.
ස්වයක්‍රීය
ටෙලර් මගින් ගණුදෙනු කළහැකි වීම
ස්ථාවර තැන්පතු
ස්ථාවර කාලසීමාවක් සදහා ස්ථාවර පොලී ප්‍රතිශතයක් යටතේ ආරම්භ කළහැකි තැන්පතු
ස්ථාවර තැන්පතු නම් වේ අවදානම් අඩු ආයෝජන මාර්ගයකි ස්ථාවර තැන්පතු වල ලක්ෂණ
කිහිපයකි
1. තැන්පත් කළ දිනය, මුදල , පොලිය , කල්පිරෙන දිනය සදහන්
කරමින් බැංකු සහතිකයක්
ලබාදේ.
2. තැන්පතු කාලය හා මුදල අනුව පොලී ප්‍රතිශතය වෙනස් වේ.
3. තැන්පතුව ඇපයට තබා ණය මුදලක් ලබාගත හැකි වේ.
4. සාමාන්‍ය ඉතිරිකිරීම් වලට වඩා පොලී ප්‍රතිශතය වැඩිය.
5. ගිවිසගත් පරිදි පොලිය මාසිකව හෝ අවසානයේදී ලබාගත හැක.
ජංගම ගිණුම්
ජංගම ගිණුමක්
යනු චෙක්පත් මගින් ගණුදෙනු කළහැකි ගිණුම් වර්ගයකි. මේ සදහා බැංකුවෙන් චෙක් පොතක්
ලැබේ.
ජංගම ගිණුමකින් ලැබෙන වාසි
1.
චෙක්පත්
මගින් ගණුදෙනු කළහැකි නිසා පහසුව මෙන්ම ආරක්ෂාවද ලැබේ.
2.
බැංකු
අවසරය මත ජංගම ගිණුම් ශේෂයට වඩා වැඩි මුදලක් සදහා චෙක්ප් ලිවිය හැක.
මෙසේ ලබාගන්නා
ණය මුදල අයිරා ණය ලෙස හදුන්වයි.
3.
සෘජු
ප්‍රේෂණ රැස් කිරීම - ව්‍යාපාරකයාට ලැබිය යුතු බැංකුව ගිනුම රැස් කරයි .
උදා - ගෙවල් කුලී
, ලාභාංශ
4.
ස්ථාවර
නියෝග ගෙවීම් - නිශ්චිතව අඛන්ඩව කරන ගෙවීම් බැංකුව ලවා කරවාගත හැක.
උදා - ගෙවල් කුලී
, රක්ෂණ
5.
බැංකු
ප්‍රකාශයක් ලැබීම - මෙහි ගණුදෙනු විස්රයක් අඩංගු වේ.
චෙක්පත්
ජංගම ගිණුම් හිමියෙකු විසින් නිශ්චිත මුදලක් ඒහි නම සදහන්පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකු ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගයකි.
චෙක්පත් ගනුදෙනු වලදී ඊට සම්බන්ධ පාර්ශව තුනකි.
1. අණකරු - චෙක්පත ලියා අත්සන් කරන්නා අණකරුවේ. මොහු බොහෝවිට ගිණුම් හිමියා වේ.
2. අණලදු - එනම් ජංගම ගිණුම පවත්වාගෙන යන බැංකුව වේ.
3. අදායකයා - චෙක්පතේ සදහන් මුදල ලබාගැනීමට හිමිකම ඇති චෙක්පතේ නම සදහන්
පුද්ගලයාය.
චෙක්පතක අඩංගු කරුණු
1. දිනය
2. බැංකුවේ නම
3. ආදායකයා
4. මුදල අකුරින්
5. මුදල ඉලක්කමින්
6. අනකරුගේ අත්සන
7. පිළිපත - චෙක්පතේ ඇතුලත් කරුණු කෙටියෙන් සදහන් කරන කොටස.
මෙය සාක්ෂියක් වශයෙන් චෙක්පතේ තබාගනී
8. චුම්බක අක්ෂර තීරුව A - චෙක්පත් අංකය
B - බැංකුවේ අංකය
C - බැංකු ශාකා අංකය
D - ගිණුම් අංකය
චෙක්පත්
ජංගම ගිණුම් හිමියෙකු විසින් නිශ්චිත මුදලක් ඒහි නම සදහන්පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකු ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගයකි.
චෙක්පත් ගනුදෙනු වලදී ඊට සම්බන්ධ පාර්ශව තුනකි.
1. අණකරු - චෙක්පත ලියා අත්සන් කරන්නා අණකරුවේ. මොහු බොහෝවිට ගිණුම් හිමියා වේ.
2. අණලදු - එනම් ජංගම ගිණුම පවත්වාගෙන යන බැංකුව වේ.
3. අදායකයා - චෙක්පතේ සදහන් මුදල ලබාගැනීමට හිමිකම ඇති චෙක්පතේ නම සදහන්
පුද්ගලයාය.
චෙක්පතක අඩංගු කරුණු
2. බැංකුවේ නම
3. ආදායකයා
4. මුදල අකුරින්
5. මුදල ඉලක්කමින්
6. අනකරුගේ අත්සන
7. පිළිපත - චෙක්පතේ ඇතුලත් කරුණු කෙටියෙන් සදහන් කරන කොටස.
මෙය සාක්ෂියක් වශයෙන් චෙක්පතේ තබාගනී
8. චුම්බක අක්ෂර තීරුව A - චෙක්පත් අංකය
B - බැංකුවේ අංකය
C - බැංකු ශාකා අංකය
D - ගිණුම් අංකය
චෙක්පත් රේඛනය කිරීම
චෙක්පතක මුහුණත සමාන්තර ඉරි දෙකක්
ඇදීම හෝ සමාන්තර ඉරි දෙකක් නොමැතිව බැංකුවක නමක් ලිවීම චෙක්පත් රේඛනය නම් වේ. මෙසේ
රේඛනය කරන්නේ චෙක්පතකට ආරක්ෂාව සැලසීමටය. රේඛිත චෙක්පතකට බැංකු කවුන්ටරයෙන් මුදල්
ලබාගත නොහැක. අනිවාර්යෙන්ම ගිණුමක තැන්පත් කළ යුතුය.
චෙක්පත් රේඛනය ආකාර 2කට සිදු වේ.
1. සාමාන්‍ය රේඛනය
2.
විශේෂ
රේඛනය
සාමාන්‍ය රේඛනය - චෙක්පත මතුපිට සමාන්තර ඉරි දෙකක් ඇඳ ඒ්
තුළ යම් කොන්දේසියක් ඇතුලත් කිරීම හෝ නොකිරීමයි.