ගතවු
කාලය සොයමු.
අවසන්
වූ
වේලාව
- පටන්ගත් වේලාව (ඩිජිටල්
වේලාව භාවියෙන් ගැටළු විසදීම පහසු
වේ.)
----------------------
ගතවු කාලය
=============
1. පෙ.ව. 1.30 ට කොළඹින් පිටත්වූ
බස්රථයක් පෙ.ව. 10.45 ට වවුනියාවට
ළගාවිය. ගමනට ගතවූ
කාලය
කොපමණද? ……….
2. ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුර දක්වා ගමන් කළ බස් රථයක් ගමන ආරම්භ කළේ පෙ.ව. 8.30 ටය.
ගමන අවසන් කළේ පෙ.ව. 11.20 ටය. ගමනට ගතවූ කාලය කොපමණද? ……….
3. ප.ව. 2.45 ට කොළඹින් පිටත්වූ දුම්රිය මාතරට ළගාවූයේ ප.ව. 5.10 ටය. දුම්රිය ගමකළ
කාලය කොපමණද?.............................
4. ප.ව. 1.50 ට ගමන ආරම්භ කළ බස් රථයක් ගමන අවසන් කළේ ප.ව.
6.20 ටය.අතර මගදී තේ පානය
සදහා විනාඩි 20 ක් බස්රථය නවතා තිබුණිනම් බස්
රථය ගමනේ යෙදුණු කාලය කොපමණද?......
5. පෙ.ව. 10.45 ට කොළඹ ගුවන් තොටුපළින් පිටත්වූ ගුවන් යානයක් ලන්ඩන් ගුවන් තොටුපළට
ළගාවූයේ ප.ව. 2.50ටය
ගුවන් ගමනට යානයට ගතවූ කාලය කොපමණද? ……….
6. උදෑසන 7.30ට ගෙදරින් පිටත්වූ සමන් කොළඹ නගරයට පැමිණියේ ප.ව. 1.45ටය. ගමනට ගතවූ
කාලය කොපමණද? ……….
අවසන්වූ වේලාව සොයමු.
පටන්ගත්
වේලාව
+ ගතවූ කාලය
----------------------
අවසන් වූ වේලාව
=============
1.පෙ.ව. 4.30ට පාඩම් කිරීම පටන් ගත් අමල් පැය 2.15 ක් පාඩම්
කළේය. ඔහු පාඩම් කර අවසන් වුයේ
කීයටද?.................
2. උදෑසන 7.10 ට පාසලට පැමිණි සුනිල් පැය 6.20 පාසලේ රැදී
සිට නිවසට යාමට පිටත් විය. ඔහු
පාසලින් පිටත් වූයේ කීයටද?.......
3. පෙ.ව.7.30 පිටත්වීම නියමිත බස් රයක් මිනිත්තු 10 ක් ප්‍රමාද
වි ගමන ආරම්භ කර පැය 3.40 ක් ගමන්
කළේය. බසය ගමන අවසන් කළේ කීයටද?........
4. පෙ.ව. 530 ට පාසලෙන් පිටත්වූ ළමා කණ්ඩායමක් පැය 2.45
ක් ගමන්කර උදෑසන තේ පානයට
මිනිත්තු 20 ක් නවතා තැබූයේය. ඉන්පසු පැය 3.30ක් දිවා ආහාරය තෙක්
ගමන් කළේය. දිවා
ආහාරයට
බසය නතර කළේ කීයටද?.......
5. ප.ව. 2.45 ට නිවසින් පිටත් වූ දිනී මිනිත්තු 30 කදී නගරයට
පැමිණියාය. නගරයේ තවත් පැය 1.40
ක් ගතකළ ඇය නිවසට යාමට නගරයෙන් පිටත් විය. ඇය
නගරයෙන් පිටත්වූයේ කීයටද?.......
6. ප.ව. 12.15 ට ආරම්භ වූ පන්තියක් පැය 3.50ට පසු නිමවිය.පනතිය
නිමවූයේ කීයටද?..........
No comments:
Post a Comment