තේරවිලි
⋆. සරල තේරවිලි
1. ගෙදර තිබෙන ගහ - මෝල් ගහ
2. ගෙදර තියෙන ගල - මිරිස්
ගල
3. ඔක්කෝමගෙ මල්ලි -කොත්තමල්ලි
4. අලියා නොයන මග ඉනිමග
5. අලියා නොකන දල්ල-
ගිනිදල්ල
6. නැට්ට නැති කොළය
-කඩදාසි කොළය
7. ගෙදර තියෙන ගෙඩිය -
වංගෙඩිය
8. කපන්න කපන්න දික්වෙනවා
- කාණුව
9. බෙල්ලෙන් අල්ලලා
මුල්ලෙන් තියනවා - හිරමණය
10. හෝදන්න හෝදන්න
අපිරිසිදු වෙනවා - වතුර
11. නූල් බැදි අහස්යානාව -
සරුංගලය
12. ගසත නොපිපෙන මල - බිම්
මල
⋆පද පෙරලි
1. මුණි පැල - පැණි මුළ
2. ඇස්‌කොට - කොස් ඇට
3. කිල් පොච්චා
-පොල්කිච්චා
4. හා මිරකා - මී හරකා
5. මද වල - වදමල
6. බැල් පෝය- පොල්බෑය
7. මච්ච පිල - පිච්ච මල
⋆තුන් තේරවිලි
1. හෙන දළ - හෙන නම් අකුණු -
දළ නම් දත
අකුණු දත -
දකුණු අත
2. වන්දි මුදල - වන්දි නම් දඩ -
මුදල නම් කාසි
දඩ කාසි - කඩදාසි
3. ගජ නාලය - ගජ නම්
ඇත් - නාලය නම් බටය
ඇත් බටය
- බත් ආටය
4. ගොහුරු වේල්ල - ගොහුරු නම් මඩ -
වේල්ල නම් කණ්ඩිය
මඩ කණ්ඩිය -
කඩමණ්ඩිය
⋆කතා ශෛලියේ තේරවිලි
1.
මිනිසෙක් , කොටියෙක් සහ
තම්පලා මිටියකුත් රැගෙන ගඟකින් ඒතරවීමට ගියා.
වරට ඔරුවෙන් ඒගොඩ විය හැක්කේ දෙදෙනෙුට පමණයි.
මිනිසා මුලින් කොටියා
රැගෙන ගියහොත් එළුවා තම්පලා මිටිය කනවා මුලින්
තම්පලා මිටිය ගෙන
ගියහොත් කොටියා එළුවාව කනවා. කෙසේ හෝ ගැටලුවක්
නොමැතිව
එගොඩවීම සිදුවුණා. ඒ කෙසේද?
පළමුවෙන් එළුවා රැගෙන එගොඩට යනවා. ඊළගට තම්පලා මිටිය රැගෙන එගොඩට ගොස්
තම්පලා මිටිය තබා එළුවා රැගෙන මෙගොඩට එනවා එළුවා මෙගොඩ තබා කොටියා රැගෙන යනවා.
ආපසු මෙගොඩට ඇවිත් එළුවා රැගෙන යනවා
⋆ සිව්පද කවියක් මගින්
තේරවිලි
1. සත්
සමුදුරේ දිය පල්ලේ උපන් නේ
එම සමුදුරේ දිය මතුපිට පිපෙන් නේ
වැස්සට පිනි බබා නිතර ම මෝරන්
නේ
අද බැරි නම් හෙට තෝරා එවන් නේ
සත් සමුදුරේ දිය පල්ලේ තිබෙයි අල
එම සමුදුරේ දිය මතුපිට තිබෙයි කොළ
වැස්සට පිනි බබා මෝරන කැකුළු මල
මස්ටකයන්ට මුතු කුඩයකි නෙලුම් මල
2. ටිං ටිං ගාන්නා තෝරා එවාපන්
ටං ටං ගාන්නා තෝරා එවාපන්
මගවැලි පිසින්නා තෝරා එවාපන්
දෙගම්බඩ රජා තෝරා එවාපන්
ටිං
ටිං ගාන්නා ලේනා නොවේ දෝ
ටං ටං ගාන්නා ගෝණා නොවේ
දෝ
මගවැලි පිසින්නා කුකුළා නොවේ
දෝ
දෙගම්බඩ රජා කිඹුලා නොවේ
දෝ
3. ඉණේ තිබෙන ලිය තෝරා එවාපන්
ගෙදර තිබෙන ලිය තෝරා එවාපන්
ගසේ තිබෙන ලිය තෝරා එවාපන්
අතු අග තිබෙන ලිය තෝරා එවාපන්
4. ඉණේ තිබෙන ලිය හැඹිලිය නොවේදෝ
ගෙදර තිබෙන ලිය අතිලිය නොවේදෝ
ගසේ තිබෙන ලිය හෙරලිය නොවේදෝ
අතු අග තිබෙන ලිය අරලිය නොවේදෝ
No comments:
Post a Comment