Sunday, 3 May 2020

8 භූගෝලය


ජීවීන්ගේ වාස භූමියක් ලෙස පෘථිවියේ සුවිශේෂත්වය
පෘථිවිය පිළිබද මූලික තොරතූරු
  1.     සූර්යාට දුර කිලෝමීර් මිලියන 150
  2.     භ්‍රමණ කාලය පැය 23 මිනිත්තු 56
  3.     භ්‍රමණ වේගය (සමකයේදී) තත්පරයට මීටර් 460
  4.     පරිභ්‍රමණ කාලය දින 365 පැය 6
  5.     පරිභ්‍රමණ වේගය තත්පරයට කිලෝමීටර් 29.8

     පෘථිවිය වර්ග කිලෝමීටර් මිලියන 510 ක් පමණ විශාල වූ ගෝලාකාර වස්තුවකි. නමුත් එය පූර්ණ ගෝලයක් නොවේ. ධ්‍රැව විෂ්කම්භයට වඩා සමක විෂ්කම්භය 42km කින් විශාලය.

 
  පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලය තුල ස්ථානගතවීම
  සූර්යයාගේ සිට තෙවන ග්‍රහලෝකය පෘථිවිය වේ.   සූර්යයාට ආසන්න බුධ ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 1670C කි. දෙවන ග්‍රහයා වන සිකුරුගේ උෂ්ණත්වය 4640C කි. පෘථිවියේ උෂ්ණත්වය 150C කි.අවසාන ග්‍රහයා වන නෙප්චුන්ගේ උෂ්ණත්වය -2000C කි. පෘථිවිය තුල අනෙත් ග්‍රහයන් මෙන් අඩු හෝ වැඩි උෂ්ණත්වයක් නොමැතිව මධ්‍යස්ථව පිහිටා ඇත.මේ නිසා පෘථිවිය මත පහත ලක්ෂණ පෙන්වයි.
1 . ජීවීන්ට හිතකර වායුවලින් සමන්විත වායුගෝලයක් තිබීම‍.
2. ජලය තිබීම
3. සුදුසු උෂ්ණත්වයක් තිබීම.
4. ගුරුත්වාකර්ෂණ බලය තිබීම
5. පෘථිවිය භ්‍රමණය හා පරිභ්‍රමණය සිදුවීම.
6. ජීවීන්ට හිතකර පරිසරයක් පැවතීම.


අක්ෂාංශ සහ දේශාංශ
   පෘථිවියේ නැම ස්ථානයක පිහිටීම හදුනාගැනීමට පෘථිවිය වටා නිර්මාණය කර ඇති කල්පිත රේඛා ජාලයකි.
අක්ෂාංශ - ලෝක ගෝලයේ තිරස් අතට විහිදෙන කල්පිත රේඛාවන් වේ. ලෝක ගෝලය දෙකට බෙදන කල්පිත රේඛාව 00 අක්ෂාංශය හෙවත් සමකය වේ. සමකයෙන් උතුරට විහිදෙන රේඛා උතුරු අක්ෂාංශ ලෙස හදුන්වයි මෙය 900 දක්වා විහිදේ අක්ෂාංශ ක්‍රමයෙන් කුඩාවෙමින් 900 ලක්ෂයකින් දැක්වේ.  සමකයෙන් දකුණට විහිදෙන රේඛා දකුණු අක්ෂාංශ ලෙස හදුන්වයි

7 භූගෝලය


මහද්වීපය හා සාගර
පොළෝ තලයෙන් 71% ජලයෙන්ද 29% ගොඩබිමෙන්ද යුත්තවේ. ගොඩබිම මහද්වීප හා දූපත් වලින් සෑදී ඇති අතර ජල තලය සාගර, මුහුදු හා විල් වලින් සමන්විත වේ.
මහද්වීප -  ඉතා විශාලව පැතිරී ඇති බොහෝවිට ජලතලයෙන් වෙන්වූ ගොඩබිමකි. ලෝකයේ මහද්වීප 7 කි.
        මහද්වීපය                                                        විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන
1.     ආසියා මහද්වීපය                                           43.6
2.     යුරෝපා මහද්වීපය                                         10.5
3.     අප්‍රිකා මහද්වීපය                                            30.3
4.     උතුරු ඇමරිකා මහද්වීපය                               25.3
5.     දකුණු ඇමරිකා මහද්වීපය                               17.8
6.     ඇන්ටාර්ටිකා මහද්වීපය                                  14.0
7.     ස්ට්‍රේලියා මහද්වීපය                                     8.9

 මහද්වීපයක් රටවල් විශාල ගණනින් යුතු වේ. නමුත් ඕස්ට්‍රේලියා මහද්වීපය තනි රටකි.
දූපත් - ජලයෙන් වටවූ කුඩා ගොඩබිමකි. උදා - ශ්‍රී ලංකාව, මැඩගස්කරය, කියුබාව,
           නවසීලන්තය, මාලදිවයින
සාගර - මහද්වීප අතර පිහිටි විශාල ජලතලයක් සාගරයක් වේ. ලෝකයේ ප්‍රධාන සාගර 5කි.
           සාගරය                                               විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන
1.     පැසිපික් සාගරය                                             156
2.     අත්ලන්තික් සාගරය                                       77
3.     ඉන්දියන් සාගරය                                           69
4.     ඇන්ටාටික් සාගරය                                         20
5.     ආක්ටික් සාගරය                                            14
මුහුදු - මහද්වීප ආසන්නයේ හා මහද්වීප අභ්‍යන්තරයේ පිහිටි කුඩා ජලාශ මුහුදු වේ.
         උදා - රතු මුහුද, කහ මුහුද, මධ්‍යධරණීය මුහුද, උතූරු මුහුද, ජපන් මුහුද
පැවරුම
1.     ලෝක සිතියමක් ගෙන මහද්වීප ලකුණු කරන්න.
2.     ලෝක සිතියමක් ගෙන සාගර ලකුණු කරන්න. ඒවා පොතේ අලවාගන්න.