Sunday, 3 May 2020

8 භූගෝලය


ජීවීන්ගේ වාස භූමියක් ලෙස පෘථිවියේ සුවිශේෂත්වය
පෘථිවිය පිළිබද මූලික තොරතූරු
  1.     සූර්යාට දුර කිලෝමීර් මිලියන 150
  2.     භ්‍රමණ කාලය පැය 23 මිනිත්තු 56
  3.     භ්‍රමණ වේගය (සමකයේදී) තත්පරයට මීටර් 460
  4.     පරිභ්‍රමණ කාලය දින 365 පැය 6
  5.     පරිභ්‍රමණ වේගය තත්පරයට කිලෝමීටර් 29.8

     පෘථිවිය වර්ග කිලෝමීටර් මිලියන 510 ක් පමණ විශාල වූ ගෝලාකාර වස්තුවකි. නමුත් එය පූර්ණ ගෝලයක් නොවේ. ධ්‍රැව විෂ්කම්භයට වඩා සමක විෂ්කම්භය 42km කින් විශාලය.

 
  පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලය තුල ස්ථානගතවීම
  සූර්යයාගේ සිට තෙවන ග්‍රහලෝකය පෘථිවිය වේ.   සූර්යයාට ආසන්න බුධ ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 1670C කි. දෙවන ග්‍රහයා වන සිකුරුගේ උෂ්ණත්වය 4640C කි. පෘථිවියේ උෂ්ණත්වය 150C කි.අවසාන ග්‍රහයා වන නෙප්චුන්ගේ උෂ්ණත්වය -2000C කි. පෘථිවිය තුල අනෙත් ග්‍රහයන් මෙන් අඩු හෝ වැඩි උෂ්ණත්වයක් නොමැතිව මධ්‍යස්ථව පිහිටා ඇත.මේ නිසා පෘථිවිය මත පහත ලක්ෂණ පෙන්වයි.
1 . ජීවීන්ට හිතකර වායුවලින් සමන්විත වායුගෝලයක් තිබීම‍.
2. ජලය තිබීම
3. සුදුසු උෂ්ණත්වයක් තිබීම.
4. ගුරුත්වාකර්ෂණ බලය තිබීම
5. පෘථිවිය භ්‍රමණය හා පරිභ්‍රමණය සිදුවීම.
6. ජීවීන්ට හිතකර පරිසරයක් පැවතීම.


අක්ෂාංශ සහ දේශාංශ
   පෘථිවියේ නැම ස්ථානයක පිහිටීම හදුනාගැනීමට පෘථිවිය වටා නිර්මාණය කර ඇති කල්පිත රේඛා ජාලයකි.
අක්ෂාංශ - ලෝක ගෝලයේ තිරස් අතට විහිදෙන කල්පිත රේඛාවන් වේ. ලෝක ගෝලය දෙකට බෙදන කල්පිත රේඛාව 00 අක්ෂාංශය හෙවත් සමකය වේ. සමකයෙන් උතුරට විහිදෙන රේඛා උතුරු අක්ෂාංශ ලෙස හදුන්වයි මෙය 900 දක්වා විහිදේ අක්ෂාංශ ක්‍රමයෙන් කුඩාවෙමින් 900 ලක්ෂයකින් දැක්වේ.  සමකයෙන් දකුණට විහිදෙන රේඛා දකුණු අක්ෂාංශ ලෙස හදුන්වයි

No comments:

Post a Comment