Sunday, 3 May 2020

6 භූගෝලය


පාසල පිහිටි ඉඩමේ හැඩය -
     පාසල් භූමිය චිත්‍රයක් මගින් පෙන්විය හැක. ගොඩනැගිලි, ළිද, වැට ආදිය චිත්‍ර ආකාරයට ඇඳිය හැක.  මෙය ඉතා අලංකාර වුවත් අසීරු කටයුත්තකි භූමියේ ඇති දේ සංකේත මගින්පෙන්වා අදින චිත්‍රයකට සැලැස්ම යැයි කියනු ලැබේ.
දිශාව හදුනා ගැනීම
      සැලැස්ම් ඇඳීමේදී දිශාව දැක්වීම අවශ්‍ය කරුණකි.නිවැරදි දිශාව බලා ගැනීමට මාලිමාව අවශ්‍ය වේ. මාලිමාවක් නැතිනම් ඉරපායන පැත්තට මුහුණලා සිටගත්විට දකුණු අත පැත්ත දකුණද, වම්අත පැත්ත උතුරද ,ඉර පායන පැත්ත නැගෙනහිරද ,පිටුපා සිටින දිශාව බස්නාහිරද වේ. 

 


 පාසලේ සැලැස්ම අඳිමු 

 
      B - ප්‍රධාන පාර

     M - පිට්ටනිය
     G - ගෘහවිද්‍යාගාරය
     H - අඩිපාර






                                                                                                                       
                                                                                                                                    


පාසල හා අවට වටපිටාවේ කාලගුණය
යම්කිසි ස්ථානයක කෙටි කාලයක් තුළ පවතින වායුගෝලයේ ස්වාභාවය කාලගුණය යනුවෙන් හදුන්වනු ලැබේ.
  පරිසරය නිරීක්ෂණය කිරීමේදී අපට පෙනෙන හා දැනෙන උෂ්ණත්වය , වර්ෂාපතනය, සුළං,   වලාකුළු යනාදිය කාලගුණ අංග වේ.

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කොළඹ බෞද්ධාලෝක මාවතේ
පිහිටා ඇත.එයට සම්බන්ධ ප්‍රාදේශීය කාලගුණ මධ්‍යස්ථාන රැසක් ද ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව මගින් විවිධ ස්ථානවල තාලගුණික අංග
පිළිබදව දෛනිකව එකතුකරගන්නා තොරතුරු පදනම් ගෙන කාලගුණ වාර්තා සකස් කරනු ලැබේ.

කාලගුණ අංග
1.   උෂ්ණත්වය - කාලගුණ අංග අතර මූලිකාංගය වන්නේ උෂ්ණත්වයයි.
    උෂ්ණත්වය හා තාපය ලබාදෙන්නේ සූර්යයාය.
    උෂ්ණත්වමානය මගින් උෂ්ණත්වය මැනීමට පුළුවන. උෂ්ණත්වය මනිනු ලබන්නේ 
         සෙල්සියස් අංශක හෝ ෆැරන්හයිට්අංශක වලිනි.
    අධික සූර්යය තාපයක් හා උෂ්ණත්වයක් ලැබෙන විට වියළි කාලගුණික තත්වයක්  
        ඇති වේ.
2.   වර්ෂාපතනය
    සූර්ය තාපය නිසා ගොඩබිම , සාගරය,විල් හා අනෙකුත් ජලාශ, හා ගස්වැල් වල ඇති
          ජලය වාෂ්ප බවට පත්වේ.
    ඒම ජලවාෂ්ප ඉහල නැග සිසිල් වී ඝනීභවනය වේ.
    ජලවාෂ්ප ඝනීභවනය වීමෙන් වලාකුළු නිර්මාණය වේ. ඒමගින් වර්ෂාව ලැබේ.
    වර්ෂාමානයක් උපයෝගීකරගෙන වර්ෂාපතනය මැනගැනීමට පුළුවන.  
          වර්ෂාපතනය මනිනු ලබන්නේ මිලිමීටර් වලිනි.           




 
   
 


 

No comments:

Post a Comment