මහද්වීපය හා සාගර
පොළෝ තලයෙන්
71% ජලයෙන්ද 29% ගොඩබිමෙන්ද යුත්තවේ. ගොඩබිම මහද්වීප හා දූපත් වලින් සෑදී ඇති අතර ජල තලය සාගර, මුහුදු හා විල් වලින් සමන්විත වේ.
මහද්වීප - ඉතා විශාලව
පැතිරී ඇති බොහෝවිට ජලතලයෙන් වෙන්වූ ගොඩබිමකි. ලෝකයේ මහද්වීප 7 කි.
මහද්වීපය
විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන
1.
ආසියා මහද්වීපය 43.6
2.
යුරෝපා මහද්වීපය 10.5
3.
අප්‍රිකා මහද්වීපය 30.3
4.
උතුරු ඇමරිකා මහද්වීපය 25.3
5.
දකුණු ඇමරිකා මහද්වීපය 17.8
6.
ඇන්ටාර්ටිකා මහද්වීපය 14.0
7.
ඕස්ට්‍රේලියා මහද්වීපය
8.9
මහද්වීපයක්
රටවල් විශාල ගණනින් යුතු වේ. නමුත් ඕස්ට්‍රේලියා මහද්වීපය තනි රටකි.
දූපත් - ජලයෙන් වටවූ කුඩා ගොඩබිමකි. උදා - ශ්‍රී ලංකාව,
මැඩගස්කරය, කියුබාව,
නවසීලන්තය, මාලදිවයින
සාගර - මහද්වීප අතර පිහිටි විශාල ජලතලයක් සාගරයක් වේ. ලෝකයේ ප්‍රධාන
සාගර 5කි.
සාගරය විශාලත්වය වර්ග
කිලෝමීටර් මිලියන
1. පැසිපික් සාගරය 156
2.
අත්ලන්තික්
සාගරය
77
3.
ඉන්දියන් සාගරය
69
4.
ඇන්ටාටික්
සාගරය
20
5.
ආක්ටික්
සාගරය
14
මුහුදු -
මහද්වීප
ආසන්නයේ හා මහද්වීප අභ්‍යන්තරයේ පිහිටි කුඩා ජලාශ මුහුදු වේ.
උදා - රතු මුහුද, කහ
මුහුද, මධ්‍යධරණීය මුහුද, උතූරු මුහුද, ජපන් මුහුද
පැවරුම
1. ලෝක සිතියමක් ගෙන මහද්වීප ලකුණු කරන්න.
2. ලෝක සිතියමක් ගෙන සාගර ලකුණු කරන්න. ඒවා පොතේ අලවාගන්න.
No comments:
Post a Comment